ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ලියෝ සමාජය විසින් අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයට📚 පෙනී සිටින අපේම ආදරණීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් දියත් කරනු ලබන ‘වැලිපිල්ල’ මාර්ගගත සම්මන්ත්රණ මාලාව මෙවර ගණිතය විෂය වෙනුවෙන් පමණක් නොව විද්‍යාව විෂය වෙනුවෙන් ද පවත්වන්නට සියල්ල සූදානම්💫.
📆අගෝස්තු මස 19 වන දින 🕘පෙ.ව.9.00 සිට විද්‍යාව විෂයට වෙන් වූ පළමු සම්මන්ත්‍රණය ‘හයිඩ්‍රොකාබන හා ඒවායේ ව්‍යුත්පන්න’ යන පාඩම් මාලාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත ය🧪.
Covid-19 වසංගතය රටම වෙලාගත් මේ මොහොතේ අපේම ආදරණීය නංගිලා මල්ලිලාගේ සිහින තවදුරටත් සිහින නොවන්නටත්,A9 ක් ලබාගැනීමේ අදිටන මිලින නොවන්නටත් ලියෝවරුන් දරන්නා වූ මෙම වෑයමට ඔබත් එක්වන්න!✨.

Recent Comments