Green Light

“Be Prepared Before The Risk”🚨
Project Green Light 🚗🚦
වසරක් තුළ අප රටේ ඇතිවන රථ වාහන හා මාර්ග අනතුරු සංඛ්‍යාව ආසන්න වශයෙන් 38,000 ක් වන අතර එයින් සිදුවන මරණ සංඛ්‍යාව ආසන්න වශයෙන් 3,000 ක් පමණ වෙයි. මේ වනවිට ලෝකයේ සිදුවන මරණ බොහොමයක් සිදුවන්නේ මාර්ග අනතුරු වලින් බව තහවුරු වී ඇත. එහෙත් රථවාහන හා මාර්ග අනතුරු යනු අවධානය හා පෙර දැනුවත් වීම තුළින් මිනිස් ජීවිත රැසක් ආරක්ෂා කරගත හැකි අනතුරු විශේෂයකි. ඒ වෙනුවෙන් අවශ්‍ය වන්නේ මාර්ග නීති පිළිබඳ නිසි දැනුම හා මාර්ග අනතුරු ගැන දැනුවත් බවයි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ LEO සමාජය විසින් සංවිධානය කරනු ලබන ‘Green Light’ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ මෙම රථ වාහන අනතුරු වැලැක්වීම හා මාර්ග ආරක්ෂාව වෙනුවෙන් දායක වීමයි. එහි පළමු අදියර ලෙස රථ වාහන අනතුරු වැලැක්වීම හා මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වේ.
📅දිනය :- ජනවාරි මස 13 වන දින
🕘වේලාව :- පෙරවරු 8.30 සිට 10.30
📍ස්ථානය :- කෝට්ටේ CMS ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය
විමසීම්:
ලියෝ සහන් කාරියවසම් (071 909 1765)

About The Author

Leave a Reply

Your email address will not be published.

Related Posts